ආසියානු කුසලානයේ ඉන්දු - ශ්‍රී ලංකා සටන අද

ආසියානු කුසලානයේ ඉන්දු - ශ්‍රී ලංකා සටන අද: තරගයේ සජීව උණුසුම TV1 නාලිකාවෙන්..

by Staff writer 12-09-2023 | 8:09 AM

COLOMBO (News 1st) - සුපිරි සිව්දෙනාගේ වටයේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගය අද (12) පැවැත්වීමට නියමිතයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන තරගය අද සවස 3.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.

සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම පෙරමුණේ රැඳී සිටින්නේ, පකිස්ථානයට එරෙහිව ලැබු විශිෂ්ට ජය හේතුවෙනුයි.

සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටි.

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි කර ගෙන සිටින TV1 නාලිකාව ඔස්සේ සහ සිරස TV වෙබ් අඩවිය (www.sirasatv.lk) ඔස්සේ සියලු තරග ඔබට නැරඹිය හැකියි.