.webp)
COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන ණය වැඩසටහනේ දෙවැනි සාකච්ඡා වටය ලබන 14 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි.
නිලධාරී මටට්මෙන් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු අදාළ පාර්ශව මෙම සාකච්ඡා සඳහා සහභාගී වනු ඇති.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අවසාන සාකච්ඡාව සහ ආරම්භක සාකච්ඡාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සමග සිදු කිරීමට නියමිත බවයි.
දෙවන වාරිකය ලෙස තවත් ඩොලර් මිලියන 330 කට ආසන්න ප්‍රමාණයක් ලැබීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.