වෙරළාරක්ෂක කටයුතු අධීක්ෂණයට කණ්ඩායමක් දිවයිනට..

වෙරළාරක්ෂක කටයුතු අධීක්ෂණයට යුරෝපා සංගමයේ කණ්ඩායමක් දිවයිනට..

by Staff writer 11-09-2023 | 7:01 AM

COLOMBO (News 1st) –  වෙරළාක්ෂණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යුරෝපා සංගමයේ විශේෂ කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ. .

ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ආරාධනයෙන් ය.

එම අධිකාරියේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වෙරළ තීරය රැකගැනීම පිළිබඳව ක්‍රමවේද තුනක් ඔස්සේ යුරෝපා සංගමයේ නියෝජිතයින් මෙරට බලධාරින් දැනුවත් කරන බවයි.

එම ක්‍රමවේද වන්නේ, නෞකා අනතුරු සහ වෙරළාශ්‍රිත නල පද්ධතිවල පවතින දෝෂ, පූර්ව ලෙස වළක්වා ගැනීම, නෞකා අනතුරක් සිදුවුවහොත් එහි හානිය නිවැරදිව තක්සේරු කිරීම සහ එවැනි හානි සඳහා වන්දි මුදල් ලබා ගැනීමේ නිවැරදි ක්‍රමවේදයයි. 

අදාළ දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළාරක්ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන කිහිපයක් සම්බන්ධ කර ගැනීමට නියමිතව තිබේ. 

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ, ප්‍රමාණවත් තාක්ෂණික දැනුමක් නොතිබීම හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් පසුව මෙරටට බලපෑම් රැසක් එල්ල වූ බවයි.

කෙසේ වෙතත් යුරෝපා සංගමයේ මැදිහත් වීමෙන් පසු මෙරට වෙරළාරක්ෂණ කටයුතු තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ ය.