.webp)
තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 147කි.
කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියාව වෙනුවෙන් ශුබ්මන් ගිල් ලකුණු 58යි.
නායක රෝහිත් ශර්මා එක්දින ක්‍රිකට් පිටියේ සිය 50 වැනි අර්ධ ශතකය රැස් කළේ ය.
වර්ෂාව හේතුවෙන් තරගය ඊයේ තාවකාලිව නතර කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියේ විරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් ය.
ඒ අනුව තරගය අද පස්වරු 3ට ආරම්භ වන්නේ, නවතා දැමූ පන්දුවාරයේ සිටයි.
තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV 1නාලිකාවෙන් සහ සිරස TV වෙබ් අඩවියෙන්(www.sirasa tv.lk) එම තරගය සජීවිව නැරඹිය හැකියි.