අයර්ලන්තයට පහසු ජයක්

2023 රග්බි ලෝක කුසලානය : රුමේනියාවට එරෙහිව අයර්ලන්තයට පහසු ජයක්

by Staff writer 10-09-2023 | 8:04 AM

COLOMBO (News 1st) - 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ රුමේනියාව සමග පැවැති තරගය ප්‍රබල අයර්ලන්තය ලකුණු 82ට 8ක් ලෙස ජය ගත්තේ ය.

ප්‍රංශයේ ස්තෙද් දි බෝදෝ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමු අර්ධයේදී ලකුණු 33ට 8ක් ලෙස පෙරමුණ ගත්තේ අයර්ලන්තයයි.

දෙවැනි අර්ධයේදී අයර්ලන්තය තවත් ලකුණු 49ක් රැස් කිරීමට සමත් විය.

උත්සාහක දිනුම් 12ක් සහ ප්‍රවර්තන 11ක් සමගින් අයර්ලන්තය සිය ලකුණු පුවරුව නිර්මාණය කළේ ය.

රුමේනියාව සාර්ථක කරගැනීමට හැකිවූයේ එක් උත්සාහක දිනුමකික් සහ දඩුවම් පහරකික් පමණි.

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි, ටීවී වන් නාලිකාව ඔස්සේ සියලු තරග නැරඹිය හැකියි.

තරග පැවැවෙන්නේ මෙරට වේලාවෙන් සවස සහ රාත්‍රියේ බැවින්, ඒවා පටිගත කර නැවත විකාශය කෙරෙයි.