වර්ෂාව හමුවේ දිස්ත්‍රික් 14ක පුද්ගලයින් පීඩාවට..

වර්ෂාව හමුවේ දිස්ත්‍රික් 14ක පුද්ගලයින් පීඩාවට - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

by Staff writer 10-09-2023 | 5:21 PM

COLOMBO (News 1st) –  පවතින වර්ෂාව හමුවේ දිස්ත්‍රික් 14 ක, පවුල් 1756 ක පුද්ගලයින් 6370 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයේ පවුල් 1208 ක පුද්ගලයින් 4334 දෙනෙකු පීඩාව පත්ව සිටී. 

ගාල්ල, කළුතර, කොළඹ, රත්නපුර, කෑගල්ල, මඩකලපුව, ත්‍රීකුණාමලය, පුත්තලම හා වව්නියාව අධික වර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති දිස්ත්‍රික්කයි.

අධික වැසි, සුළං හා ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස 309 කට අර්ධ හානි සිදුව තිබේ.