.webp)
ආසියාතිකරයේ පමණක් නොව ලොව පුරා විසිරී සිටින ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනා ගන්නා තරගයක ලෙස අද තරගය හැඳින්විය හැක.
තම රටෙහි ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක අද කොළඹදී ඔවුන්ට අභියෝගාත්මක තරගයක් ලබා දීමට පකිස්ථානය සූදානම් වේ.
ලොව අංක එකේ එක්දින ක්‍රිකට් කණ්ඩායම වන බාබර් අසාම් ප්‍රමුඛ පකිස්ථානය ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරගයට පිවිසීම විශේෂත්වයකි.
වත්මන් වේග පන්දුවේ ප්‍රබලයින් තිදෙනෙක් වන ශහීන් ශාහ් අෆ්රිඩි, නසීම් ශාහ් සමග හරිස් රවුෆ් අද තරගයේ පෙරළිකාර වනු ඇති.
නායකයා සමග පිතිකරු අංශය බලවත් කිරීමට මොහොමඩ් රිස්වාන්, ඉමාම් උල් හක් සහ ෆක්හාර් සමාන් වැනි පිතිකරුවන් සූදානමින් පසුවේ.
රෝහිත් ශර්මා සහ විරාත් කෝලිප් ප්‍රමුඛ සුපිරි ඉන්දීය පිතිකරු අංශය සඳහා ශුබ්මන් ගිල් සහ ඉෂාන් කිෂන් සිය පිත්තේ දායකත්වයත් ලබාදෙයි.
ප්‍රබල පකිස්ථානුවන්ට අභියෝගයක් වීමට ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ශමී ඇතුළු ඉන්දීය පන්දු යැවීමේ බලඇණිය සූදානම් බව ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විශ්වාස කරයි.
රවීන්ද්‍ර ජඩේජාගේ සහ හර්ඩික් පාන්ඩ්‍යාගේ තුන් ඉරියව්වෙන් දක්වන කැපී පෙනෙන දස්කම් අද පකිස්ථානයට අභියෝගයක් වනු ඇති.