ප්‍රවාහන පද්ධතියේ ගැටලු කියන්න තොරතුරුකේන්‍ද්‍රයක්

ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු ඉදිරිපත් කරන්න තොරතුරු කේන්‍ද්‍රයක් - ලංගම

by Staff writer 10-09-2023 | 7:54 AM

COLOMBO (News 1st) - ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු ඉදිරිපත් කිරීමට තොරතුරු කේන්ද්‍රයක් හදුන්වාදී ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි වැඩබලන ව්‍යාපාර කළමනාකාර, එරන්ද දිල්හාන් මහතා සඳහන් කළේ 1958 අංකය ඇමතීමෙන් ජනතා ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි.

මේ අතර සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ද, ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇතැයි එරන්ද දිල්හාන් මහතා සඳහන් කළේ ය.