මොරොක්කෝ රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

මොරොක්කෝ රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්: පුද්ගලයින් 300ක් මරුට

by Staff writer 09-09-2023 | 7:32 AM

COLOMBO (News 1st) - මොරොක්කෝ රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රබලත්වය සටහන් වුණේ, මැග්නිටියුඩ් ඒකක 6.8 ක් ලෙසයි.  

සුප්‍රකට සංචාරක කේන්ද්‍රස්ථානයක් වන මැරකේෂ් නගරයට ඊසාන දෙසින් භූ කම්පනය හටගෙන තිබුණි.

අද අලුයම හටගත් භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව රොයිටර් පුවත් සේවය පවසයි. 

කෙසේවෙතත්, ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ භූ කම්පනයෙන් පුද්ගලයින් 300 දෙනෙකු මිය ගොස් ඇති බවයි.