.webp)
ඒ, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි.
අමාත්‍යවරයා පැවසුවේ, පනත බලාත්මකවීමත් සමග අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ඊට අදාළව ක්‍රියාත්මක වන බවයි.
එම කොමිසම සඳහා නව සමාජිකයින් පත් කිරීමට ද නියමිතය.
අමාත්‍යවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවයි.
මේ අතර අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධි විධාන ද ලබන 15 වැනි දා සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.