මාලි රාජ්‍යයේ සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් 49ක් මරුට

මාලි රාජ්‍යයේ සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මරුට..

by Staff writer 08-09-2023 | 6:45 AM

COLOMBO (News 1st) – මාලි රාජ්‍යයේ සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , එරට ඊසානදිග ප්‍රදේශයේදී නයිජර් ගංගාවේ යාත්‍රා කළ බෝට්ටුවකට එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මීට අමතරව මාලිහි ගාඕ කලාපයේ හමුදා කඳවුරකට ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් හමුදා සෙබලුන් 15 දෙනෙකු මියගොස් තිබේ. 

එහිදී ඇතිවූ ගැටුමේදී සටන්කාමීන් 50 දෙනෙකු මියගොස් ඇතැයි සඳහන් ය.

ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයාම හේතුවෙන් මාලි රාජ්‍ය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

2020 වසරේ සිට එරට හමුදාව මාලි රාජ්‍යයේ පාලනය සියතට ගත්තේ ය.