.webp)
COLOMBO (News 1st) – නව පීලි යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාර්ග හා කර්මාන්ත අංශයේ ප්‍රධාන ඉංජිනේරු එච්.එම්.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ, පළමු අදියරේදි කැලණි වැලි දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවයි.
දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා චීනයෙන් ආනයනය කළ පීලි දස දහසක් හා අනුරාධපුර සිට ඕමන්තේ අතර දුම්රිය මාර්ග නවීකරණයේදී ගලවා ඉවත් කළ පීලි 7000ක් යොදා ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේ ය.
මාර්ග අබලන් වීම හේතුවෙන් මේ වනවිට සෑම දුම්රියක්ම ධාවනය කරන්නේ වේග සීමාවලට යටත්වයි.
මේ හේතුවෙන් දුම්රිය ගමනාත්ත වෙත ළඟා වීම ප්‍රමාද වන බවට මගීන් චෝදනා කරයි.