ට්‍රම්ප් එක්ක ගොල්ෆ් පිටියට බැස්ස MS දෝනි

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක ගොල්ෆ් පිටියට බැස්ස MS දෝනි

by Staff writer 08-09-2023 | 4:03 PM

COLOMBO (News1st) - හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි පසුගිය දා අමෙරිකාවේදී ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා එක්ව සිටියේ ය. 

දෝනි මෙලෙස ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා එක්ව සිටියේ, විශේෂිත පුද්ගලයෙක් සමගයි.

ඒ, වෙන කවුරුත් නොව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සමගිනි.

ඔවුන් දෙපළ මෙලෙස ගොල්ෆ් ක්‍රීඩා කර තිබෙන්නේ Trump  National Golf Club තණ බිමේදීය.

එය ඩොනල් ට්‍රම්ප්ගේ පෞද්ගලික ගොල්ෆ් ක්‍රීඩා පිටිය වීමද විශේෂත්වයකි.

ට්‍රම්ප් සහ දෝනිගේ මෙම සුවිශේෂි හමුව විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි.

ඩොනල් ට්‍රම්ප් අමෙරිකාවේ වර්ෂ 2017 සිට 2021 දක්වා කාලය තුළ අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබිණි.

හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි වර්ෂ 2004 සිට 2019 දක්වා වසර 15ක් ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට ක්‍රීඩකයෙකි.