විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම්පත් කැඳවීම 14 වැනි දා

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවීම 14 වැනි දා සිට - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

by Staff writer 07-09-2023 | 6:12 AM

COLOMBO (News 1st) - 2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවීම ලබන 14 වැනි දා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, විද්‍යුත් තැපෑල ඔස්සේ විශ්වවිද්‍යාල අයැදුම්පත යොමු කළ හැකි බවයි. 

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත් මේ වන විටත් නිකුත් කර අවසන් ය.

ප්‍රාදේශීය මට්ටමින් ලියාපදිංචි පොත්සැල්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පොත්සැල්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයෙන්, තැපැල් ඇණවුම් මගින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහාත් අදාළ මුදල් ගෙවා ප්‍රවේශ අත්පොත බාගත කර ගත හැකියි.

පොත් බෙදාහැරීමේ නියෝජිතයින් පිළිබඳ තොරතුරු www.ugc.ac.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. 

මෙවර සිසුන් 45,000 ක් පමණ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.