කාන්තා කණ්ඩායමට එංගලන්තයට එරෙහිව තරගාවලි ජයක්

ක්‍රිකට් කාන්තා කණ්ඩායමට පළමු වරට එංගලන්තයට එරෙහිව තරගාවලි ජයක්

by Staff writer 07-09-2023 | 6:54 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට එංගලන්තයට එරෙහිව ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන තිබේ.

ඒ, එංගලන්තය සමග පැවති අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගනිමිනි.

එංගලන්තයේ ඩර්බිහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 116ක් පමණි.

මායා බුෂියර් ලකුණු 23ක් රැස් කළා ය.

නායිකා චමරි අතපත්තු කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 21ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි.

ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිටියදීයි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 28කින් ලකුණු 44ක් රැස් කළේ ය.

ඒ අනුව තරගය අවසන් වුණේ, තරග 2ට 1ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලියේ ජය හිමි කර දෙමිනි.