.webp)

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලිපියක් මගින් තමන්ට ඒ පිළිබඳ දැනුම් දී ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස තමා පත් කර ඇති බව හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සඳහන් කළේ ය.
