.webp)
-542085.jpg)
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
ඒ අනුව බංග්ලාදේශ ඉනිම ආරම්භ කළේ, මොහොමඩ් නයිම් සහ මෙහිදි හසන් මිරාස්.
පසුගිය තරගයේදී ශතයක් රැස් කළ මෙහිදි හසන්ට අද දිනයෙදී කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වුයේ නැත.
ලිටන් ඩාස් ලකුණු 16කට දැවී ගිය අතර, මොහොමඩ් නයිම් ලකුණු 20යි.
බංග්ලාදේශ මුල් පෙළ කඩුලු 4 ලකුණු 47කදී බිඳ වැටිණි.
නායක ශකීබ් අල් හසන් සහ මුෂ්ෆිකර් රහීම් බිඳ වැටුණු බංග්ලාදේශ ඉනිම ගොඩනැගුවේ පස්වැනි කඩුල්ලට ලකුණු 100ක සබඳතාවක්ද ගොඩනගමිණි.
54 වැනි එක් දින අර්ධ ශතකයද සමගින් ශකීබ් අල් හසන් ලකුණු 53යි.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 64ක් රැස් කිරීමට සමත් විය.
හාරිස් රවුෆ් කඩු 4ක් දවා ගත් අතර නසීම් ශා කඩු 3යි.
පන්දුවාර 38යි පන්දු 4ක් අවසානයේදී බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 193කට දැවී ගියේ ය.
ෆකර් සමාන් සහ ඉමාම් උල් හක් පකිස්ථාන පිළිතුරු ඉනිම ආරම්භ කළහ.
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 35යි.
ෆකර් සමාන් ලකුණු 20 රැස්කිරීමට සමත් වූ අතර ඉමාම් උල් හක් 19 වැනි එක් දින අර්ධ ශතකය වාර්තා කළේ ය.
මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 63යි.
ලකුණු 194ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය කඩුලු 3ක් දැවී තරගය ජය ගත්තේ ය.
