අදත් ප්‍රදේශ රැසකට වැසි

දිස්ත්‍රික්ක 5කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීම් යළි දීර්ඝ කෙරේ

by Staff writer 06-09-2023 | 6:15 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවල තද සුළං ද ඇති විය හැකි බවයි. 

මේ අතර පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 5කට පැන වූ  නාය යෑමේ අනතුරු ඇඟවීම් ඊයේ (05) පස්වරුවේ යළි දීර්ඝ කෙරුණි. 

එම දිස්ත්‍රික්ක වන්නේ රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල සහ මහනුවරයි. 

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 ක යටතේ නායයාමේ නිවේදන නිකුත් කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ, ඇල්පිටිය.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, 

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මතුගම, පාලින්දනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ පැන වූ නායයාම් නිවේදන තවදුරටත් බලාත්මකයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ලත්. 

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කලවාන, අයගම ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශ සඳහා ද අදියර 1 යටතේ නායයම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.