ගුවන් හමුදාධිපතිට උපහාර...

ගුවන් හමුදාධිපතිතුමන්ට ගම්පහ පරාක්‍රම මහා විද්‍යාලයෙන් උපහාර

by Staff writer 06-09-2023 | 10:53 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපතිවරයා ලෙස පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතාට උපහාර පිදීමේ උත්සවයක් එතුමා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ගම්පහ පරාක්‍රම මහා විද්‍යාලයේදී පැවැත්විය.

ඒ අනුව ඔහු ගම්පහ පරාක්‍රම මහා විද්‍යාලයෙන් බිහිවූ පළමු ගුවන් හමුදාධිපතිවරයා ලෙස විද්‍යාලීය ඉතිහාසයට එක්විය. 

පරාක්‍රම මහා විද්‍යාලයට පැමිණි ගුවන් හමුදාධිපතිවරයා පරාක්‍රම මහා විද්‍යාලයීය විදහල්පතිතුමා විසින් පිළි ගනු ලැබීමෙන් අනතුරුව විද්‍යාලයීය බාලදක්ෂයින්ගේ ආචාරයෙන් අනතුරුව ශිෂ්‍ය භට බලකා කණ්ඩායම විසින් උත්තමාචාර පෙළපාලියක් පවත්වන ලදි.

අනතුරුව ගුවන් හමුදාපතිවරයා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අමතමින් තමන් පාසල් කාළය තුළදී ක්‍රියා කළ ආකාරය පිළිබඳවත් අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා දායක වෙමින් ලබාගත් අත්දැකිම් තුළින් සාර්ථක ගමනක් කරා පැමිණි ආකාරය පිළිබඳවත් කරුණු පැහැදිලි කළේ ය. 

මෙම උපහාර උත්සවය අවසානයේදී ගුවන් හමුදාධිපතිවරයාට විදුහල්පතිතුමන් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබූ අතර ගුවන් හමුදාධිපතිතුමන් විසින් පාසල වෙත පිරිනමනු ලැබූ සමරු තිළිණය විදුහල්පතිතුමන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලයීය සිසු සිසුවියෝ, ගුරු මහත්ම මහත්මීහූ මෙන්ම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු පිරිසක් සහභාගී  වූහ.