LIVE: ශ්‍රී ලංකා තරගය සජීව නරඹන්න පිවිසෙන්න

LIVE: ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරගය සජීව නරඹන්න පිවිසෙන්න

by Staff writer 05-09-2023 | 8:07 AM

COLOMBO (News 1st) - ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (05) පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිත වේ.

ඒ පකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆී ක්‍රීඩාංගනයේදීයි.

මෙය ක්‍රියාත්මක වන්නේ තරගාවලියේ බී කාණ්ඩයේ තරගයක් ලෙසයි. 

බී කාණ්ඩයේ සහභාගී වූ පළමු තරගයේදී බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5ක් දවා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණේ පසු වේ.

මේ අතර ඇෆ්ගනිස්ථානය සහභාගී වූ පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජය වූයේ ලකුණු 89කිනි.

දෙපිලම මූලික වටයේ සහභාගී වන අවසන් තරගය මෙය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර්හිදී ක්‍රීඩා කර ඇති තරග 13න් තරග 9ක් ජය ගත්තේ ය.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ රහ්මනුල්ලා ගුර්බාස් එක් දින ලකුණු දහස සීමාව පසු කිරීමට තවත් ලකුණු 46ක් පසුපසින් සිටි.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (05) සවස 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

ඔබට මෙම තරගය මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV1 නාලිකාවෙන් සහ අපගේ සිරස TV වෙබ් අඩවිය වන www.sirasatv.lk හරහා නැරඹීමට හැකියාව පවති.

සජීවීව නරඹන්න