.webp)
-541970.jpg)
ඒ අනුව රග්බි ක්‍රීඩා ලෝලීන්ට සති 07ක උද්වේගකර අත්දැකීමක් විඳගැනීමට හැකියාව උදාවෙයි.
සැප්තැම්බර් 08 වැනිදා සිට ඔක්තෝබර් 28 දක්වා TV1, ශක්ති TV සහ සිරස TV ඔස්සේ තරග විකාශය කිරීමට නියමිතය.
එමෙන්ම www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ද තරගාවලිය සජීවීව විකාශය කෙරෙනු ඇති.
තරගාවලියට අදාළ සියලු තරග මෙරට වේලාවෙන් රාත්‍රියේ පැවැත්වේ.
එමනිසා තරග පටිගත කර නැවත විකාශය කිරීමට ද MTV මාධ්‍ය ජාලය ලෙස අප කටයුතු සූදානම් කර තිබේ.
රග්බි ලෝක කුසලානය සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දීම, අප විකාශන අයිතිය ලබා ගැනීමේ අරමුණයි.
එය ජයග්‍රහණය කිරීමට හැකිවීම ගැන සතුටු වන බව, MTV මාධ්‍ය ජාලයේ සහ කැපිටල් මහරාජා සමූහයේ, සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා ප්‍රකාශ කළේ ය.
"පසුගිය වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය, මෑත කාලීන ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සහ දැනට පැවැත්වෙන ආසියානු කුසලානයේ දේශීය විකාශකයා වීමෙන් අප ලොව ක්‍රීඩා ආයතන සහ විකාශකයින් අතර හොඳ කීර්තියක් ගොඩනගා ගෙන ඇති අතර, තවත් බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව සිටින බව MTV Channel පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා පැවැසුවේ ය.
රග්බි ලෝක කුසලාන තරගාවලියට ලොව හොඳම කණ්ඩායම් 20ක් ඇතුළත් වන අතර තරග පැවැත්වෙන්නේ ප්‍රංශයේ ක්‍රීඩාංගණ නවයක යි.
ලබන සිකුරාදා (08) තරගාවලිය ආරම්භ වේ.
ඒ, සත්කාරක ප්‍රංශය සහ නවසීලන්තයේ ප්‍රබල ඕල් බ්ලැක්ස් කණ්ඩායම් අතර තරගයෙනි.
වත්මන් ලෝක ශූර දකුණු අප්‍රිකාව සැප්තැම්බර් 10 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.
මූලික වටයේදී කාණ්ඩ හතරකින් රටවල් පහ බැගින් තරග වදිනු ඇති.
සෑම කාණ්ඩයකම පළමු කණ්ඩායම් දෙක, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර පරාජිතයින් පිටුදැකීමේ ආකෘතියෙන් එම වටය ක්‍රියාත්මකයි.
ජයග්‍රාහකයින් අවසන් පූර්ව වටයට සහ අවසන් මහා තරගයට පිවිසෙනු ඇති.
A කාණ්ඩය : නවසීලන්තය, ප්‍රංශය, ඉතාලිය, උරුගුවේ සහ නැමීබියාව
B කාණ්ඩය: දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ටොංගා, රුමේනියාව
C කාණ්ඩය: වේල්ස්, ඕස්ට්‍රේලියාව, ෆීජි, ජෝර්ජියාව, පෘතුගාලය
D කාණ්ඩය: එංගලන්තය, ජපානය, ආර්ජන්ටිනාව, සැමෝවා, හා චිලී රාජ්‍යය ඇතුළත් වේ.
වසර හතරකට වරක් පැවැත්වෙන රග්බි ලෝක කුසලානය මෙවර පැවැත්වෙන්නේ 10 වැනි වරටයි.
