වගා කටයුතු සිදු කිරීම ගැන ගොවීන්ට සැලැස්මක්

මහ කන්නයේ වගා කටයුතු සිදු කරන්න ගොවීන්ට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැලැස්මක්

by Staff writer 05-09-2023 | 6:37 AM

COLOMBO (News 1st) - දේශගුණික වෙනස්වීම් සමග වගා කටයුතු සිදුකිරීම පිළිබඳ සැලැස්මක් ඉතා ඉක්මනින් ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, අද (05) දිනයේ හෝ හෙට (06) දිනයේ එම සැලැස්ම එළිදක්වන බවයි.

ඒ සඳහා අදාළ අමාත්‍යාංශ සමග සාකච්ඡාවක් ඊයේ (04) දිනයේ පැවැත්වූ බව ලේකම්වරයා පැවසීය.

ගුණදාස සමරසිංහ මහතා පැවසුවේ, එම සැලැස්ම අනුව වැඩකරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

සියලුම ඉඩම්වල වගා කිරීමට ඒ අනුව මෙවර මහ කන්නයේ සැලසුම් කර ඇත.

මේ අතර මහකන්නයේ හෙක්ටයාර එකක් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 20,000 ක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

ඔහු පැවසුවේ, මේ වනවිට පැවැති හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 15,000ක්ව පැවැති මුදල රුපියල් 20,000 දක්වා වැඩි කරන ලෙස ගොවීන් මීට පෙර ඉල්ලීමක් කළ බවයි.

ඒ අනුව ගොවීන්ට මුදල් ලබාදී පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට හැකි බව ලේකම්වරයා සඳහන් කළේ ය.