දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත

දේශීය ආදායම් සංශෝධන කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය මෙන්න

by Staff writer 05-09-2023 | 9:35 AM

COLOMBO (News 1st) - දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. 

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත  පිළිබඳ  ශ්‍රේෂ්ඨාධිකරණ මතය දැනුම් දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී නිවේදනය කළේ ය.