.webp)
එහි අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ, එම ගංගාවල ජලමට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිළිබඳ නිකුත් කළ රතු නිවේදනය තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
රත්නපුර, කෑගල්ල, ගාල්ල, මහනුවර සහ කළුතර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අදත් මිලිමීටර 50 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40 - 45 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.