උපයන විට ගෙවීමේ බදු ගැන සාකච්ඡාවක්

උපයන විට ගෙවීමේ බදුවලට යටත්වන සියලුම වෘත්තිකයින් නියෝජනය කරන සංවිධාන මේ සතියේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ වූ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට

by Staff writer 05-09-2023 | 7:18 AM

COLOMBO (News 1st) - උපයන විට ගෙවීමේ බදුවලට යටත්වන සියලුම වෘත්තිකයින් නියෝජනය කරන සංවිධාන මෙම සතියේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ වූ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබේ.

එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා සඳහන් කළේ, වෘත්තිකයින් විශාල පිරිසක් අදායම් බදු ගෙවීමට නොහැකිව විදේශ රටවලට යන බවයි.

මුදල් අමාත්‍යාංශය සහ දේශීය අදායම් දෙපාර්තමේන්තුවත් එම පාර්ලිමේන්තු ආංශ්‍රික අධික්ෂණ කාරක සභාව හමුවට කැඳවා ඇති බව සභාපතිවරයා පැවසීය.