.webp)
COLOMBO (News 1st) – ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 3ක පවුල් 28 ක පුද්ගලයින් 98 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයටයි.
එම දිස්ත්‍රික්කයේ පවුල් 15 ක පුද්ගලයින් 50 දෙනෙකු පීඩාව පත්ව සිටී.
අර්ධ හානි වී ඇති නිවාස සංඛ්‍යාව 26 කි.
මේ අතර, අද උදෑසන 7 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර ලක්ෂකන්ද ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
එම අගය මිලිමීටර් 91.5 කි.
කෑගල්ල , තල්දුව ප්‍රදේශයට මිලිමීටර් 83 යි දශම 5 ක වර්ෂාපතනයක් සහ වරකාපොලට මිලිමීටර් 63 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව සඳහන් කළේ ය.