ජාතික රෝහලේදී මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට

ආසාත්මිකතාවක් හේතුවෙන් ජාතික රෝහලේදී මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට..

by Staff writer 04-09-2023 | 8:05 AM

COLOMBO (News 1st) – කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ, අදාළ රෝගියාට ලබාදුන් කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධයේ සාම්පල ද වැඩිදුර විමර්ශන සඳහා ඔස්ට්‍රේලියාවට යැවූ බවයි.

අදාළ විමර්ශනවල ප්‍රතිඵල ලද වහාම එම මරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. 

එලෙස මියගොස් තිබුණේ, කැපුම් තුවාලකට ප්‍රතිකාර ගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙකි. 

අදාළ රෝගියාට ලබාදුන් කෝ ඇමෙක්සි ක්ලොව් නැමැති ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.