මෙරට තරුණ නිපුණතා සංවර්ධනයට ජපන් සහය..

මෙරට තරුණ නිපුණතා සංවර්ධනයට සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ජපානයේ සහය..

by Staff writer 03-09-2023 | 7:32 AM

COLOMBO (News 1st) - මෙරට තරුණ නිපුණතා සංවර්ධනයට සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා සහය ලබා දිය හැකි බව ජපානය පවසයි.

ජපානයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී, මේ බව සඳහන් කළහ. 

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම දූත පිරිස ලංකාවට පැමිණ ඇති බව සඳහන් වේ.

යටිතල පහසුකම් සංවර්ධනය, බලශක්තිය, දුම්රිය, සෞඛ්‍ය, සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් ජපානය ශ්‍රී ලංකාවට මේ දක්වා ලබාදී ඇති සහය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය කෘතඥතාවය පළ කර තිබේ.