පකිස්ථානය ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයට

පකිස්ථානය ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබයි..

by Staff writer 03-09-2023 | 7:39 AM

COLOMBO (News 1st) - පකිස්ථානය 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ ඉන්දීය කණ්ඩායම සමග මූලික වටයේ පැවති තරගය තීරණයකින් තොරව අවසන් වීමත් සමගයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්, ලකුණු 267ක ඉලක්කයක් හිමිව සිටි පකිස්ථාන කණ්ඩායමේ ඉනිම ක්‍රියාත්මක කිරීමට හැකි නොහැකි විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 266ක් රැස් කළේ ය.

තරගාවලියේ A කාණ්ඩයේ මූලික වටයේදී පකිස්ථානය මුහුණු දුන් තරග දෙක අවසානයේ ඔවුන් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ලකුණු 3කට හිමිකම් කියමිනි.