නියඟයෙන් අක්කර 60,503කට හානි..

නියඟයෙන් අක්කර 60,503කට හානි.. -කෘෂිකර්ම අමාත්‍යාංශය

by Staff writer 03-09-2023 | 5:41 PM

COLOMBO (News 1st) – නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 60,503ක් හානී වී තිබේ. 

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන් ගොවීන් 55,951 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වගා හානි ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවද එම අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් ය.

ඒ අනුව මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාර්තා වන වගා හානි ප්‍රමාණය අක්කර 4,479 කි.

මේ වනවිට වැඩිම වගා හානි ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර , එම ප්‍රමාණය අක්කර 26,644 ක් බව සඳහන් ය.

දෙවනුව උඩවලව ප්‍රදේශයෙන් වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වෙයි. 

එම ප්‍රමාණය අක්කර 14,667 කි.