දඹදෙණියේ ඉඩමක මළ සිරුරක්..

දඹදෙණියේ ඉඩමක සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක්..

by Staff writer 03-09-2023 | 5:23 PM

COLOMBO (News 1st) –  මහඔය, දඹදෙණිය ප්‍රදේශයේ ඉඩමක තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. 

පොලිසිය සඳහන් කළේ, ඊයේ උදෑසන ලද තොරතුරක් මත මෙම මෘත ශරීරය සොයා ගැනුණු බවයි. 

මියගොස් ඇත්තේ 46 හැවිරිදි, තේක්කවත්ත, මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

අදාල ඉඩම හිමි කාන්තාව සමග මියගිය පුද්ගලයා අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.  

මෘත ශරීරය මහ ඔය රෝහලේ තැන්පත් කර ඇති අතර, මේ පිළිබඳ පරීක්ෂණ මහ ඔය පොලිසිය මගින් සිදුකෙරෙන බව සඳහන් ය.