.webp)
-541722.jpg)
ඒ දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති විදුලිය බිල්පත් ගාස්තු සහ බදු හේතුවෙනි.
පකිස්ථානය මේ වන විට දැඩි මූලය අර්බුධයකට ලක්ව ඇත.
වැරදි මූල්‍ය කළමනාකරණය, කොවිඩ් වසංගතය, ගෝලීය බලශක්ති අර්බුදය සහ පසුගිය වසරේ ඇතිවූ වාර්තාගත ගංවතුර තත්ත්වය, මෙම මූල්‍ය අර්බුධයට හේතුවී තිබේ.
මේ හේතුවෙන් රට බංකොලොත් වීම වළක්වා ගැනීම සඳහා,පකිස්ථාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එක්ව ප්‍රතිසංස්කරණ සිදු කිරීම ආරම්භ කළේ ය.
ඒ අනුව,පකිස්ථාන වැසියන්ට ලැබුණු ප්‍රධාන සහනාධාර රැසක් කප්පාදු කිරීමට පකිස්ථාන බලධාරීන්ට සිදුව තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව ඉහළ නංවා ඇති ඉන්ධන, විදුලිය ඇතුළු සැපයුම්වල මිලඑළැඹෙන මැතිවරණයටද බලපානු ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
මේ වසර අගදී පකිස්ථාන මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ඒ වන තෙක් රට පාලනය සඳහා අන්වර් කකාර් ප්‍රමුඛ භාරකාර ආණ්ඩුවක් පසුගියදා පත් කෙරිණි.
