.webp)
COLOMBO (News 1st) – නාගොඩ ප්‍රදේශයේදී ගිං ගගේ ගිලීමෙන් පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඔහු ඊයේ පස්වරුවේ තවත් පිරිසක් සමග දිය නාමින් සිටියදී ගිං ගගේ ගිලී ඇති බවයි.
පුද්ගලයින් දෙදෙනෙකු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති අතර එක් අයෙකු දිවි බේරා ගෙන තිබේ.
අතුරුදන්වූ පුද්ගලයා සොයා නාගොඩ පොලිසිය , නාවික හමුදාව හා ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අතුරුදන්ව ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.