සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව 06, 07 සහ 08 ට විවාදයට

by Staff writer 01-09-2023 | 1:49 PM

COLOMBO (News 1st) – සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 06, 07 සහ 08 යන දින තුන තුළ විවාදයට ගැනීමට තීරණය කර තිබේ. 

මෙම තීරණයට එළැඹ ඇත්තේ අද පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී ය. 

විවාදයට අදාළ ඡන්ද විමසීම සැප්තැම්බර් 08 වනදා පස්වරුවේ පැවැත්වෙනු ඇති.