.webp)
COLOMBO (News 1st) – වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මේ වනවිට පුද්ගලයින් තුන් ලක්ෂ 12,316 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 20 ක පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බවයි.
තවදුරටත් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ ය.
එම සංඛ්‍යාව 70,408 කි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, පීඩාවට පත් පිරිසට පානීය ජලය සැපයීම අඛණ්ඩව සිදු කරන බවයි.