මාළිගාවත්තේ වෙඩි තැබීමක්

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

by Staff writer 01-09-2023 | 6:47 PM

COLOMBO (News 1st) - මාළිගාවත්ත එච්.ආර් ජෝතිපාල මාවතේ අද (01) දහවල් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවේ ය.

පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි. 

තුවාල ලබා ඇත්තේ 38 හැවිදිරි කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

අදාළ පුද්ගලයා ත්‍රි රෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක රැදී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.
 
ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
 
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.

මේ වසරේ ගෙවුණු මාස 8 තුළ වෙඩි තැබීමේ සිදුවීම් 71 ක් වාර්තා වී ඇති බව පොලිසිය වැඩිදුරටත්  සඳහන් කළේ.