.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ගුවන් හමුදා 'Heavy Lifters' , අංක 2 ප්‍රවාහන බලඝණය සිය 66 වන සංවත්සරය අද (01) අභිමානවත්ව සමරයි.
මව්බිමට අභිමානවත් සේවාවක් ඉටුකරනු ලබන"Heavy Lifters", අංක 2 ප්‍රවාහන බලඝණය C -130 හර්කියුලිස් ගුවන් යානා හා AN 32 (ඇන්ටනෝව්32 ) ප්‍රවාහන ගුවන් යානාවලින් සමන්විතයි.
වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අණදෙන නිලධාරියකු ලෙස මෙන්ම ගුවන් නියමුවරයෙකු ලෙස කටයුතු කරනු ලැබූ මෙම බලඝණය දේශයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම සඳහා සක්‍රීය දායකත්වය ලබා දී ඇත.
1957 සැප්තැම්බර් 01 දින ප්‍රවාහන සහ මුර සංචාර කටයුතු සිදු කරමින් මෙම බලඝණය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කරනු ලැබූ අතර, Oxford Airspeed, Prestwick Pioneer, De-Havilland Dove ගුවන් යානා සහ රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු හෙලිකොප්ටරය වූ S-51 Dragonfly හෙලිකොප්ටරය මෙම බලඝණයට අනියුක්ත කරන ලදී.
1959 සැප්තැම්බර් මාසයේදී De-Havilland Heron ගුවන් යානා දෙකක් එංගලන්තයෙන් මිල දී ගැනීමත් සමග මෙහෙයුම් හැකියාව වැඩි දියුණු කිරීමට මෙම බලඝණයට හැකි වූ අතර, Heron ගුවන් යානා පැමිණීමත් සමග නැගෙනහිරින් ඉන්දුනීසියාව සහ බටහිරින් කයිරෝ දක්වා විහිදුණු රාජකීය ලංකා ගුවන් හමුදාවේ ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා සක්‍රීය දායකත්වය ලබා දී ඇත.
1973 දී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර Heli Tours මෙහෙයුම් වැඩි දියුණු කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ Eastern Airlines වෙතින් Convair 440 ගුවන් යානා අංක 02 ප්‍රවාහන බලඝණයට එක් කරනු ලැබූ අතර 1975 දී DC 3 Dacotas හා 1979 අවසානයේදී HS 748 Avro යන ගුවන් යානාවන් අංක 2 බලඝණයට එක්කරන ලදී.
1983 සිට 1985 දක්වා කාලය තුළ බලගණය විසින් Siai Marchetti SF 260TPs ගුවන් යානා තුනක් , Avro ගුවන් යානාවක් සහ Beech King ගුවන් යානාවක් එක්කර ගන්නා ලදී.
SF 260 TPs ගුවන් යානා පියාසර කිරිම ආරම්භයත් සමගම, පළමු ඊලාම් යුද්ධයට සහය දැක්වීම සඳහා සටන්කාමී භූමිකාවක් ඉටු කිරීමට මෙම බලඝණයට හැකි විය.
1985 දී කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමත් සමග අංක 2 බලඝණය රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන යන ලදී.
1986 දී තවත් HS 748 (Avro) යානාවක්, SF 260 TPs ගුවන් යානා පහක් සහ Y-12 ගුවන් යානා දෙකක් බලඝණය වෙත එක් වු අතර, නව ගුවන් යානා සමග බලඝණය භට පිරිස්, ප්‍රභූවරුන් සහ භාණ්ඩ ප්‍රවාහනය වෙනත් වාණිජ ගුවන් ගමන්, ගුවන් සමීක්ෂණ මෙහෙයුම් දක්වා සිය කාර්යභාරය පුළුල් කරන ලදී.
1992 සැප්තැම්බර් 15 දින අංක 2 ප්‍රවාහන අංශයේ බලඝණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග එය අංක 201 බර ප්‍රවාහන බලඝණය සහ අංක 202 සැහැල්ලු ප්‍රවාහන බලඝණය ලෙස බලඝණ ලෙස බෙදා වෙන් කර ඇත.
ඒ අනුව අංක 201 බලඝණය HS 748 Avro, Y-8 සහ Cessna 421 ගුවන් යානා ද අංක 202 බලඝණය Y-12 සහ Beech King ගුවන් යානා ද වලින් ද සමන්විත විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නැවත 1995 නොවැම්බර් 08 දින අංක 201 බලඝණය අංක 2 ප්‍රවාහන බලඝණය ලෙසත් අංක 202 බලඝණය අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලඝණය ලෙසත් නැවත නම් කරන ලදී. ඒ සමග Antonov 32B ගුවන් යානා තුනක් අංක 2 බලඝණයට සම්බන්ධ විමද සිදු විය .
අංක 2 ප්‍රවාහන බලඝණය මානුෂීය මෙහෙයුම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දුන් අතර මෙම බලඝණයේ ගුවන්යානා සතුරැ ප්‍රහාරයන්ට ද ලක් විය. ඒ අනුව HS 748 ගුවන් යානා දෙකක්, AN 32 (ඇන්ටනෝව්32 ) ගුවන් යානා දෙකක් සහ Y-8 ගුවන් යානයක් එලෙස ප්‍රහාරයන්ට ලක්වි විනාශ විය.
අනතුරැව අංක 2 ප්‍රවාහන බලඝණයේ ගුවන් ශක්තිය වැඩිකිරිම සඳහා 1996 වසරේ දී AN 32(ඇන්ටනෝව්32 ) ගුවන් යානා හතරක් බලඝණයට එක්කර ගන්නා ලදී. ප්‍රවාහන මෙහෙයුම් වැඩිවිමත් සමග එය සපුරාලීම සඳහා 2000 වසරේ දී මෙම බලඝණය විසින් C-130 හර්කියුලිස් ගුවන් යානා දෙකක් AN 32 (ඇන්ටනෝව්32 ) ගුවන් යානා තුනක් ද එක්කර ගන්නා ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රවාහන සේවයේ පුරා වසර 66 ක් විශිෂ්ට සේවාවක් ඉටු කරනු ලැබු අංක 2 ප්‍රවාහන බලඝණය හමුදාමය සහ යුධමය අවස්ථාවන්හිදී මෙන්ම දේශීය හා විදේශීයව සිදුවූ හදිසි ආපදා තත්වයන්හිදි ද තම සක්‍රීයදායකත්වය ලබාදෙමින් මානුෂිය ආධාර ප්‍රවාහනය මෙන්ම විදේශියන් හිදි ආපදාවන්ට ලක්වූ ශ්‍රී ලංකිකයන් තම රටවෙත ප්‍රවාහනය කිරිමද සිදු කරමින් දේශයේ ආරක්ෂාව හා උන්නතිය වෙනුවේන් අපිරිමිත දායකත්වය ලබාදී ඇත.
මෙම බලඝණයේ පළමු අණදෙන නිලධාරියා ලෙස ෆ්ලට් ලෙෆ්ටිනන් පි. එච්. මෙන්ඩිස් කටයුතු කරනු ලැබූ අතර , වර්තමාන වැඩ බලන අණදෙන නිලධාරී ලෙස විංග් කමාන්ඩර් එච්.එම්.එම්. සමරකෝන් කටයුතු කරනු ලබයි.