.webp)
COLOMBO (News 1st) – ඖෂධ ආනයකරුවන්ට තවදුරටත් රුපියල් බිලියන 13 හිඟ බිල්පත් ගෙවීමට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, එම බිල්පත් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇති බවයි.
ඒවා අදියර වශයෙන් මුදා හැරිමට මහා භාණ්ඩාගාරය එකඟ වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ය.
හිඟ බිල්පත් නොගෙවිම හේතුවෙන් ඇතැම් ඖෂධ ආනයනකරුවන් ඖෂධ ගෙන්වීමට මැලිකමක් දක්වන බවද ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත් මේ වනවිට මෙරට අත්‍යවශ්‍ය ඖෂධ හිඟය 161 ක් දක්වා අඩු වී තිබේ.
එම සියලු ඖෂධ මේ වනවිට ඇණවුම් කර ඇති අතර ඒවා ඉදිරි සති කිහිපය තුළ අදියර කිහිපයකින් මෙරටට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.