වියළි කාලගුණයෙන් කුඹුරු අක්කර 54,810ක් විනාශයි

වියළි කාලගුණයෙන් කුඹුරු අක්කර 54,810ක් විනාශයි - කෘෂි රක්ෂණ මණ්ඩලය

by Staff writer 31-08-2023 | 6:04 AM

COLOMBO (News 1st) - වියළි කාලගුණයෙන් දිවයින පුරා විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 54,810ක් බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.

වැඩිම හානියක් වාර්තා වන්නේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

එම දිස්ත්‍රික්කයේ විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 15,923 ක්.

මේ හේතුවෙන් අක්කර 344 යි දශම 60 ක ප්‍රමාණයක් අනෙකුත් බෝග වගාවන් ද විනාශ වී ඇත.