.webp)
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂ 8 ක් පමණ බවයි.
මෙය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් ජලාශවල පැවතිය යුතු ජල ධාරිතාවෙන් 27% කි.
වසර ගණනාවක ජලාශවල ජල ධාරිතාවේ වෙනස් වීම අධ්‍යයනය කිරීමක් මේ වනවිට සිදු කර ඇති බවත් මේ දිනවල පැවතිය යුතු ජල ධාරිතාවේ සාමාන්‍යයට වඩා 3% ක අඩු ජල ධාරිතාවක් දැනට ජලාශවල පවතින බවත් ඇය වැඩිදුරටත් පැවසුවා ය.