ෆ්ලොරිඩාහි පුද්ගලයින් 280,000කට විදුලි බලය ඇණහිටි

'ඉඩාලියා' නිසා ෆ්ලොරිඩාහි පුද්ගලයින් 280,000කට විදුලි බලය ඇණ හිටි

by Staff writer 31-08-2023 | 7:37 AM

COLOMBO (News 1st) - වසර 100 කට පසු ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑ දරුණුම සුළි කුණාටුව වූ ඉඩාලියා සුළි කුණාටුවෙන් 280,000 කට වැඩි පිරිසකට තවමත් විදුලි බලය ඇණ හිට තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, ජෝර්ජියා ප්‍රාන්තයේ ද 230,000ක් පමණ තවමත් අඳුරේ පසුවන බවයි.

ඉඩාලියා සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද ඇති වී ඇති අතර ප්‍රාන්ත 20ක ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.

මේ අතර ඉඩාලියා සුළි කුණාටුව වර්ධනය වූ ආකාරය දැක්වෙන චන්ද්‍රිකා දර්ශන පෙළක් බීබීසී පුවත් සේවය වාර්තා කර තිබුණි.

ඉඩාලියා සුළි කුණාටුව හේතුවෙන් අකුණු ඇතිවන ආකාරය සජීවව කැමරාවේ සටහන් කර ගැනීමට අමෙරිකානු ගුවන් හමුදා කඳවුරක නිලධාරියෙකු සමත් ව තිබුණි.