.webp)
COLOMBO (News 1st) - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ආසන්නයේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහු ගමන් ගත් වෑන් රථය හරස්කර නවතා වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
වෙඩි තැබිමෙන් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි වලගෙදර බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුගේ උදර ප්‍රදේශයට වෙඩි පහරක් වැදී ඇති අතර තුවාල ලැබු පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.