අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

by Staff writer 31-08-2023 | 9:44 PM

COLOMBO (News 1st) - අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ,ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණයකර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල 13 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල 42 ඉහළ යනු ඇත.

මිල වැඩි කිරීම අනුව  92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල්  361 වනු ඇත.

95 පෙට්‍රල් ලීටරයක මිල නව මිල  රුපියල් 417 ලෙස සටහන් වනු ඇත.

මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 35 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 359 වේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළට දමා ඇති අතර එහි නව මිල රුපියල් 231 කි