මඩු පාර රක්ෂිතයේ කොටසක් ජනතාවට මුදා හැරේ

මඩු පාර රක්ෂිතයේ කොටසක් ජනතාවට මුදා හැරේ

by Staff writer 30-08-2023 | 6:31 AM

COLOMBO (News 1st) - මඩු පාර රක්ෂිතයේ කොටසක් ගැසට් මගින් ජනතාව සඳහා නිදහස් කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, හෙක්ටෙයාර් 56.8 ක් එලෙස මුදා හැර ඇති බවයි.

එම ප්‍රදේශයේ ජනතාව කළ ඉල්ලීම් සලකා බලා මේ පියවර ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ කොටසේ පවතින කුඹුරු ඉඩම් වසර ගණනවක් තිස්සේ ජනතාව වගා කරමින් සිටි බවයි.

මේ අතර අදාළ රක්ෂිත කොටස ජනතාව වෙනුවෙන් මුදා හැරීම නීති විරෝධී බවට පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

එහි සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පැවසුවේ, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.