.webp)
ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත් වලටත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇති විය හැකියි.
ඌව පළාතේත්, අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර සැප්තැම්බර් 7 වැනි දා දක්වා සූර්යයා, ශ්‍රී ලංකාව ඉහළින් සෘජුවම ගමන් කරන බව ද නිවේදනයේ සඳහන් වේ.
හෙට හිරු මුදුන් වන්නේ තලෙයිමන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ඉරමියන්කුලම්, කරප්පුකුට්ටි, පලම්පාසි යන ප්‍රදේශවලටයි.
මේ අතර වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18 ක ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 84,681 ක පුද්ගලයින් 291,804 කට මේ වනවිට බලපෑම් එල්ලවී ඇති බවයි.