.webp)
අජාසත් රජුගේ දායකත්වයෙන් අද වැනි දිනක රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්විය.
ඒ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙනි.
බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් රහත් භාවයට පත්වූයේ ද නිකිණි පොහෝ දිනකයි.
පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹෙනු ඇත.
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කරමින් සේරුවිල මංගල චෛත්‍ය රාජයා තැනීම ඇරඹුණේ ද අද වැනි පොහෝ දිනකදීයි.
මේ අතර අද දිනයේ සුපිරි සඳක් හා සුපිරි සඳක අසිරිය ජනතාවට දැක බලාගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, අද (30) දිනයේ සදෙහි විශාලත්වය 14% ක් වැඩි අතර දීප්තිය 30% කින් පමණ වැඩි බවයි.
නැවත වරක් මෙවැනි සඳක් අපට දැකගත හැකි වන්නේ, 2037 ජනවාරි මාසයේ බව ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.