ආර්. ප්‍රග්නානන්දගේ දෙමව්පියන්ට සුවිශේෂි තෑග්ගක්

ඉන්දීය ග්‍රෑන්ඩ් මාස්ටර් ආර්. ප්‍රග්නානන්දගේ දෙමව්පියන්ට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගෙන් සුවිශේෂි තෑග්ගක්

by Staff writer 30-08-2023 | 3:04 PM

COLOMBO (News 1st) - ඉන්දීය සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ආනන්ද් මහින්ද්‍රා විසින් ඉන්දීය ග්‍රෑන්ඩ් මාස්ටර් ආර්. ප්‍රග්නානන්දගේ දෙමාපියන්ට විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථයක් තෑගි කිරීමට තීරණය කර තිබේ. 

18 හැවිරිදි වියේ පසුවන ප්‍රග්නානන්ද ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූයේ FIDE චෙස් ලෝක කුසලානයේදී පෙන්වූ සුවිශේෂී කුසලතාවය හේතුවෙනි.

පසුගිය දා අසර්බයිජානාය්දී පැවති FIDE චෙස් ලෝක කුසලානයේදී ආර්. ප්‍රග්නානන්ද අනුශූරතාවය හිමි විය.

මෙහිදී ඔහුට ත්‍යාගයක් ලබා දෙන ලෙස X සමාජ මාධ්‍ය යෙදුම හරහා (මීට පෙර ට්විටර් ලෙස හැඳින්වින) බොහෝ පිරිස් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස ආනන්ද් මහින්ද්‍රා විසින් මෙම තීරණය ගත් බව ඔහු X සටහනක් තබමින් සඳහන් කර තිබේ.