ආසියානු ක්‍රිකට් ශූරයින් සොයන සටන අදින් ඇරඹේ

ආසියානු ක්‍රිකට් ශූරයින් සොයා යන සටන අදින් ඇරඹේ: සියලු තරගවල උණුසුම TV1 නාලිකාවෙන් ඔබේ නිවසට..

by Staff writer 30-08-2023 | 8:24 AM

COLOMBO (News 1st) - 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පකිස්ථානයේදී අද (30) ආරම්භ වේ.

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමිව තිබෙන්නේ සිරස මාධ්‍ය ජාලයේ TV1 නාලිකාවටයි.

තරගාවලිය මෙවර පකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරක්තවයෙන් පැවැත්වේ.

කණ්ඩායම් 6ක් එක්වන තරගාලිය A සහ B ලෙස කාණ්ඩ දෙකකින් ක්‍රියාත්මකයි.

පකිස්ථානය, නේපාලය සහ ඉන්දියාව A කාණ්ඩයෙන් තරග කරනු ඇත.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරග කරන්නේ B කාණ්ඩයෙනි.

අවස්ථා 7කදී ආසියානු ශූරයින් බවට පත් වූ ඉන්දියාව තරගාවලියේ සාර්ථකම කණ්ඩායමයි. 

වත්මන් ආසියානු ක්‍රිකට් ශූර ශ්‍රී ලංකාව ජයගෙන ඇති කුසලාන සංඛ්‍යාව 6කි.

පකිස්ථානය හිමිකරගෙන තිබෙන්නේ, ආසියානු කුසලාන දෙකක් පමණයි.

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය මෙවර තරගාවලියට එක්වන්නේ සිය කුළුඳුල් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමේ අපේක්ෂාවෙනි.

තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ පළමු තරගය පකිස්ථානය සහ නේපාලය අතර පකිස්ථානයේ මුල්තාන්හිදී පැවැත්වේ.

බාබර් අසාම් පකිස්ථාන කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර නේපාල කණ්ඩායම මෙහෙයවන්නේ රෝහිත් පැවුඩෙල්.

තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV1 නාලිකාව ඔස්සේ සියලු තරග ඔබට සජීව ලෙස නැරඹිය හැකියි.