පළාත් කිහිපයකට අද වැසි..

පළාත් කිහිපයකට අද වැසි.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 29-08-2023 | 5:31 AM

COLOMBO (News 1st) - පළාත් කිහිපයකට අද (29) වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලටත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇති විය හැකියි.

ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර අද සිට සැප්තැම්බර් 7 වැනි දා දක්වා සූර්යයා, ශ්‍රී ලංකාව ඉහළින් සෘජුවම ගමන් කරන බව ද සඳහන්ය.

අද හිරු මුදුන් වන්නේ කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පලවි සහ මුලතිව් දිස්ත්‍රික්කයේ චලෙයි ප්‍රදේශවලටයි.