දහම් පාසල් විෂයමාලාව සංශෝධනය කිරීමට සැලසුම්

දහම් පාසල් විෂයමාලාව සංශෝධනය කිරීමට සැලසුම්

by Staff writer 29-08-2023 | 6:07 AM

COLOMBO (News 1st) - දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, සියලු ආගම් සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

මේ අතර සියවස් 2කට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6ක් මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

වර්ෂ 1765දී ලන්දේසින් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළෙඳ සමාගම විසින් මෙම කෞතුක භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇත.

එම කෞතුක භාණ්ඩ නැවත ලබාගැනීමට කරන ලද රාජතාන්ත්‍රික ඉල්ලීම අනුව ඉන් කිහිපයක් ඉදිරීයේදී මෙරටට ලබාදීමට නියමිතයි.